බස් රථ රියදුරන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබෙන බවත් සති දෙකකට පසු පොලිසිය ඊට අදාල නීතිය ක්‍රියාත්මක කරනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේය.
2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ රියදුරන් එම නීතිය මඟ හැර සිටි බවත් පවසා සිටියේය.
ආසන බඳපටි සකස් කර ගන්නා ලෙසට මිට මාස තුනකට පෙර දැනුම් දි තිබෙන බවත් මේවැනි දැනුම් දිමක් සිදුකර තිබෙන්න සියලුම් දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් බවද පැවසිය.
ප්‍රමිතියට අදාල කටයුතු සිදුකිරිමට බස් හිමියන්ට නොහැකි නම් වෙන කර්මාන්තයක් සොයා ගත යුතු බවද සදහන් කළේය.
සැප්තැම්බර් මුල් කාලයේ සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කරණ බවද පැවසිය.
මෙරට සිදුවන අනතුරු නිසා අතිවිශාල පිරිසක් මරණයට පත්වන බවත් බඳපටි පැළදිම තුලින් මෙම මරණවලින් විශාල ප්‍රමාණයක් අඩු කර ගැනිමට හැකියාව තිබෙන බවද සදහන් කළේය.
මිට අමතරව අධිවේගි මාර්ග හරහා ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටු පස ගමන් කරන මගීන්ටත් ආසන බඳපටි පැළදිම අනිවර්ය කරන බවත් ආසන බඳපටි පැළදිම තුලින් ජිවිත ආරක්ෂා වන බවද පැවසිය.
මිට අදාල පුළුවල් වැඩපිලවෙලක් ක්‍රියාත්මක කරන බවත් මේවැනි වැඩපිලිවෙක් සිදුකරනු ලබන්නේ දඩුවම් කිරිමට නොව අවබෝධයෙන් කටයුතු කිරිමට බවද සදහන් කළේය.
බස් රථවල සිදුකර තිබෙන නවිකරණ කටයුතු දෙස බැලිමේදි ආසන බඳපටි සවිකිරිම විශාල කටයුත්තක් නොවන බවත් ආසන බඳපටි සගවා තබාගෙන සිටින ගරාජ හිමියන්ටත් එරෙහිව නීති මගින් කටයුතු කරන බවද සදහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.