ජාත්‍යන්තර දැනුම් හා සම්බන්ධකම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතායි එජාප ආණ්ඩුවක් තුළ තමයි මේ රටේ ආර්ථිකය කවදත් හැදුනේයැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබූයේ මොරටුව ආසනයේ එජාප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ (13දා) මොරටුව කල්දමුල්ලේ ඊබට් පටුමගේ පැවති අවස්ථාවේදීය.
එහිදී එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.
මේ අප ගත කරමින් සිටින්නේ ජනතාව විශාල පීඩාවකට පත් වුනු කාලයක් අද මිනිස්සුන්ට ජීවත් වෙන්න සටන් කරන්න සිදුවෙලා. පසුගිය දිනක අප ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවා නමුත් අද සහෝදර කාන්තාවන් දන්නවා කුස්සියට ගියාම තියෙන සටන කොහොමද කියලා මාස තුන හතරකට කලින් කුස්සියට යන්න බැරි භයානක තත්ත්වයක් තිබුණා ගෑස් පුපුරයි කියලා.
අද වන විට ගෑස් හොයාගන්න නෑ අනිත් පැත්තට ගියාම ඉන්ධන පෝලිම් අපේ රටේ තරුණයන්ට රට එපා වෙලා තියෙන අවස්ථාවක පාස්පෝට් එක ගන්න බෑ ඒකටත් පෝලිම් හැම දේටම පෝලිම් යුගයක් ඇතිවෙලා.
අද රටේ ජනතාව මේ හැමදේකින්ම හෙම්බත් වෙලා සංවර්ධනයක් නැති ආර්ථිකය හොඳටම වැටිලා රටම බංකොලොත් වෙලා කවුරුත් කියන්නේ නෑ මේක බංකොලොත් කියලා නමුත් රට බංකොලොත් වෙලා.
අවුරුද්දෙන් පස්සේ ආහාර හිඟයකට අපට මුහුණ දෙන්න වෙනවා සල්ලි එන්නේ නෑ, ගෙදර විදුලියක් නෑ, උයන්න ගෑස් නෑ. කොහොමද මේ රට තුළ ජීවත් වෙන්නේ.
අද ළමයින්ට පාසල් යන්නත් නෑ ඉන්ධන නැති නිසා වෑන් එකේ එන්නෙත් නෑ මෙහෙම රටක් දුවන්න බැහැ මෙහෙම කරන්න බෑ මෙහෙම ඉදිරියටත් රට පාලනය වනවා නම් අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ.
වෙනසක් කරන්න අවශ්‍ය වන්නේ එජාපයත් හැටියට සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් අප ආරම්භ කරලා තියෙනවා එය අපි මෙතනින් නවත්වන්නේ නැහැ නොබෝ දිනකින් එජාප නායකත්වය යටතේ මේ රටේ මිනිස්සුන්ට වෙන්සක් කරන්නට පුළුවන් වෙයි.
එජාප ආණ්ඩුවක් තුළ තමයි මේ රටේ ආර්ථිකය කවදත් හැදුනේ
අපේ රටේ නිදහසෙන් පස්සේ මේ රටේ ආර්ථිකය අපේ රටේ ජනතාවට කන්න දුන්නේ එජාපය.
රට හරි සංවර්ධනයක් ඇති කළේ එජාපය කවුරු මොනවා කිව්වත් එජාපය මේ රටට කල සේවය කියල නිම කරන්න බෑ.
අපි 2015 ආණ්ඩුව ගන්නකොට පිටරටවලට ණය වුන රටක් තමයි අපි භාර ගත්තේ.
ආර්ථික අර්බුදය තියෙද්දි 1990 සුවසැරිය ගෙනැල්ලා රටේ ජනතාවගේ ජීවිත බේරගන්න අප කටයුතු කළා.
ඇම්බියුලන්ස් ලබාදුන්නා. ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 පෝෂණ මල්ලක් ලබා දුන්නා පාසැල් ළමුන්ට රක්ෂණාවරණයක් ලබා දුන්නා.
ස්වාමීන්වහන්සේලාට රක්ෂණාවරණයක් ලබා දුන්නා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය අරඹලා හැම පාසලටම අවශ්‍ය ගොඩනැගිලි ටික හදලා දුන්නා.
රජයේ සේවකයින්ට පඩි වැඩි කළා සමෘද්ධිය වැඩි කරල දුන්නා මේ සියල්ල කළේ අවුරුදු 4 කදී ඊට අමතරව ගම්පෙරළිය ගෙනෙනල්ල මාර්ග සංවර්ධනයට කෝටි ගානක් යෙදෙව්වා.
එදා මේ ආර්ථික අර්බුදය තියෙද්දී තමයි මේවා කළේ පාස්කු ප්‍රහාරයට මුහුණ දෙන්න වුණේ ඒ වගේ කාලෙක.
තමුන්නාන්සේලා දන්නවා එදා ජනපති සිරිසේන මහින්ද රාජපක්ෂ එක්ක ඩීල් දාලා ව්‍යවස්ථා අර්බුදයක් ඇති කළා.
ඒ වගේම අපට පාස්කු ප්‍රහාරයකට මුහුණ දෙන්න වුණා.
එදා ජනපති සිරිසේන මහින්ද රාජපක්ෂ සමග එකතු වෙලා දින 52 අස්ථාවර භාවයක් ඇති කරලත් අපි ආණ්ඩුව හැදුවට පස්සේ සහන ටික මේ රටේ ජනතාව ලබා දුන්නා.
එදා හරින් ප්‍රනාන්දු මහතා මගේ සහෝදර මිත්‍රයා එතුමා සමග ඇමරිකාවේ ගුගල් ආයතනයට ගිහිල්ලා ලොක්කන්ව හමුවෙලා මෙහෙට ව්‍යාපෘතියක් අරගෙන ආවා.
ඒ ව්‍යාපෘතිය අරගෙන එනකොට එදා සිරිසේන මහතා හරස් නොවුනා නම් ජනතාවට වයිෆයි ටික ලබා දෙන්න හැකියාව තිබුණා.
අකිල විරාජ් මැතිතුමා ළමයින්ට ටැබ් ලබා දෙන්න කටයුතු කරන වෙලාවේ සිරිසේන ජනපතිවරයා හරස් නොවුනා නම් කොරෝනා කාලයේදි පුංචි ළමයින්ට ගෙදර ඉඳන් පාසල් වැඩ කරන්න ඉඩ තිබුණා.
මේ රටේ ජනතාවට ළමයින්ට පහසුකම් ටික එජාප ආණ්ඩුවෙන් සැලසුවා කවුරු මොනවා කිව්වත් රනිල්ට තියෙන දැනුම් මේ රටේ ආර්ථිකය ගැන තියෙන දැනුම් කාටවත් නෑ
අප මේ වැඩ කරන්නේ බල අරගලයක් වෙනුවෙන් නෙමෙයි අපට අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවට සහන ටික දෙන්නත් අපිට හැම වෙලාවෙම උද්ඝෝෂණ කරන්න පාරට බහින්න පුළුවන් කමක් නෑ.
නමුත් ඊට වඩා ජනතාව අතරට ගිහිල්ලා එජාපය විසින් කරනු ලැබූ දේවල් ජනතාවට පැහැදිලි කිරීම අවශ්‍යයි කල සේවාව මතක් කිරීම අවශ්‍යයි.
පොදු ජන පෙරමුණ ආණ්ඩුවක් තියෙද්දි අද තමුන්නාන්සේලාගේ එකතු වීම ගැන සතුටු වෙනවා මෙහෙම රටක් ඉදිරියට යන්න බෑ තමුන්නාන්සේලට ජීවිතයක් තියෙන්න ඕනේ තමු තමුන්නාන්සේලාගේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕන අතට මුදල් ටිකක් ලැබෙන්න ඕනේ.
නිදහසේ ව්‍යාපාරයක් කරගන්න ළමයින්ට අධ්‍යාපනය ලබාගන්න පසුබිමක් තිබෙන්න ඕන අන්න ඒ නිසයි රටට එජාප ආණ්ඩුව පැමිණීම වඩා වැදගත් වන්නේ.
මෙහිදී මොරටුව ඊබට් පටුමග ප්‍රදේශවාසින් විශාල පිරිසක් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
මොරටුව ආසන කළමණාකාර නීතිඥ ජගත් කුලරත්න මහතාගේ නායකත්වයෙන් මොරටුව නාගරික මන්ත්‍රි අරුණසිරි ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කල මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රිනි මරීනා බකර්, ආදී ප්‍රදේශවලින් ක්‍රියාකාරීන් රැසක් එක්වි සිටියහ.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා


