ආර්ථික අහේනියක් පැවැතියත් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමත් වැදගත් බවත් ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ කිසිම වරදක් නොමැති බවත් තතානායක මහින්ද යාපා අබේවර්ධන කියයි
කතානායක වරයා එසේ පැවසුවේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්නිල ගම්මානය අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය සහ එම පවුල්වල පාසල් යන දරුවන් වෙනුවෙන් ඊයේ (15) පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
චීන කොමියුනිට්ස් පක්ෂයේ චීන ජාත්‍යන්තර පාර්ලිමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමති චෙන් ශුන් (chen zhou) මහතා හා චීන දූත පිරිසකගේ සහභාගීත්වයෙන් එම භාණ්ඩ ප්රදානය කිරීම ද සිදු කෙරිණි
පන්නිල ග්‍රාමයේ පවුල් 106 ක් සඳහා භාණ්ඩ ප්රදානය කළ අතර මීළඟ අදියරේදී පවුල් 502 කට සහ සිසුන් 392 ට ප්රතිලාභ ලබාදීමට නියමිතය.
වැඩ සටහනේ මුළු ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් 60000 කි.
Q මාධ්‍යවේදියා - රජය මැතිවරණය නොතිය ඉන්න සහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා,
A කථානායකවරයා - ඒව නම් මෙච්චර දේවල් කරයිද? කියලා හිතෙනවා. නාමයෝජනා කැඳවලා තියෙනවා නාමයෝජනා දෙන්න සියලුම දේශපාලන පක්ෂ සූදානම් වෙනවා ඉතින් එහෙම තියෙද්දි කොහොමද මැතිවරණයක් තියෙන්නෙ නැහැ කියලා කියන්නේ.අපිට සැක කරන්න පුලුවන්ද? අපි කාගේත් ආශිර්වාදය තියනවා මේ කටයුතු සාර්ථකව ඉෂ්ට කරගන්න