ආර්ථික අර්බුදයෙන් මිදෙන්න චිනයෙන් ඩොලර් මිලියන 76ක්
ශ්රි ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා චීන රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් පිරිනැමීමට කටයුතු කරන බව ශ්රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවසීය.
ඊට අමතරව දෙරටේ දීර්ඝ කාලීන මිත්රතත්වය තහවුරු කිරිම සදහා තව දුරටත් ආර්ථික සහනයන් ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.
ත්රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි ඊයේ (24) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග පැවැති විශේෂ සාකච්ඡාවකදි ඔහු මේ බව කියා සිටියේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ විශේෂ ආරාධකාවකට අනුව චීන තානාපතිවරයා මෙම සංචාරයේ නිරත විය.
මේ අතර චින රජය විසින් නැගෙනහිර පළාතේ අඩු ආදායම් ලාභී පුද්ගලයන් සදහා ලබා දුන් වියළි සලාක මළු 10000 න් 5000 ක් ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ජනතාවට සංකේතවත්ව බෙදා දීමද තානාපතිවරයා අතින් සිදු විය.
එසේම නැගෙනහිර පළාත ස්වභාවික සම්පත් වලින් අනූන ප්රදේශයක් බවත් සංචාරක කර්මාන්ත සංවර්ධනය කිරිම සදහා වඩා වැඩි ඉඩ කඩක් පවතින බවත් එහිදි අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කිවාය.
නැගෙනහිර පළාතේ ආයෝජනය කිරිම සදහා චින ආයෝජකයන්ටද අවස්ථාව පවතින අතර ඔවුන්ට ආරාධනා කිරිම සදහා මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ආණ්ඩුකාරවරිය කීවාය.
මෙහිදි චින තානාපතිවරයා සහ ඔහු සමග පැමිණි ධූත පිරිසට නැගෙනහිර පළාතේ ආයෝජනය හරහා දියුණූ කල හැකි සම්පත් පිළිබදව විශේෂ පැහැදිලි කිරිමක්ද සිදු කෙරිනි. ඊට අමතරව නව ආයෝජන ලගා කර ගත හැකි පළාතේ සම්පත් පිළිබදව සැකසුණු විශේෂ විස්තර ඇතුළත් ග්රන්ථයක් ආණ්ඩුකාරවරිය අතින් තානාපතිවරයාට ලබා දිමද විශේෂත්වයකි.




popular news
-
Ranjanie Sunday, 29 May 2022 02:23 PM
Do we need any help from china ? Does she know why we are in this situation ? May be she wants to get rid of my country and hand over to china .China has no human rights so this government also have no human rights .think about what's happened Hong Kong .she is fool
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

