පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා පවසයි.
අද (17දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් උමාර් ෆාරුක් බුර්කි මහතා මේ බව සඳහන් කළේය.
දෙරට අතර සමීප සහ බහුපාර්ශ්වික සබඳතාව, දේශපාලන, වෙළෙඳ, සංස්කෘතික, ආරක්ෂක, සංවර්ධන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන බව මහ කොමසාරිස්වරයා පැවසීය. මානුෂීය ආධාර ලෙස තෝරාගත් ඖෂධ මෙරටට ලබාදීම, එරට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පකිස්ථාන රජයට ස්තූතිය පළ කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා මහ කොමසාරිස්වරයා දැනුවත් කරනු ලැබූ අතර පවතින තත්ත්වයෙන් මිදීමට පකිස්ථාන රජයේ සහාය ලබාදෙන බවත් කඩිනමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා ප්‍රාර්ථනා කරන බවත් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසීය.