ආර්ථික අර්බුද සමයේ බෙහෙත් ගේන්න වෙන් කළ රු. කෝටි ගණනක් රඳවාගෙන
රටේ ආර්ථික අර්බුදය පැවති කාලවකවානුවේ දි වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය සදහා යෙදවිමට හැකියාව තිබු රුපියල් මිලියන 934.83ක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 61,830ක රජයේ අරමුදල් වසර දෙකකට අධික කාලයක් තිස්සේ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථා විසින් සාවද්‍ය ආකාරයට සංස්ථාව තුල රදවා තබාගෙන ඇති බැව් අනාවරණය වි ඇත.
නිලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම තත්ත්වය ඇති වි තිබෙන බවත් මේ තුලින් සෞඛ්‍ය ක්ෂේත්රයට සිදුකොට ඇති අහිතකර බලපෑම මැනිය නොහැකි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.මේ පිළිබද විගණනය මගින් අනාවරණය කරණ තෙක්ම වසර දෙකකට අධික කාලයක් තිස්සේ මෙම මුදල් අනවශ්‍ය ලෙස රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ රදවා තබාගෙන තිබුණි.
එවකට රටේ පැවති මුල්‍ය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදි ගැනිම සදහා ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් විසිපන්ලක්ෂයක් (2,500,000) සහ විදේශසේවා නියුක්ති කාර්යංශය විසින් රුපියල් මිලියන 100ක මුදලක් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙත ලබා දි තිබුණි. එම මුදල් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත ලබාදිමට සෞඛ්‍ය සංවර්ධන අරමුදල විසින් කටයුතු කරතිබුණි. මෙසේ පරිත්‍යාග ලෙස ලබාදුන් මුදල් ඖෂධ මිලදි ගැනිම සදහා වැයනොකොට සංස්ථාව තුල රදවාගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

