අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් ජනතාව පිඩාවට පත්ව සිටින බවට පසුගිය රජයේ ඉහළම අයට දැන්වූත් එය බිහිරි අලින්ට වීනා වැයීමක් සේ ගණන් නොගෙන සිටි බව හලාවත රඳගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් පැවසූහ.
වනාතවිල්ලුව සේරක්කුලිය දේවස්ථානයේදී නත්තල් දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
“මේ ජනතාව පුදුමාකාර ලෙස පසුගිය කාලයේ අරුවක්කාලු කසළ අංගනයෙන් පිඩාවට පත්වුණා.
අපි මේ ගැන පසුගිය රජයේ බළධාරින්ට දැනුම් දුන්නා. ඒ කිසිම අයෙකු මේ ජනතාවගේ පිඩාවන් ගැන ඇහුන්කම් දුන්නේ නැහැ .
මේ කසළ අංගනයේ පැවති අධික පිඩාව සහ දුගඳ පිළිබදව ඒ සම්බන්ධයෙන් සිටි ඉහළම ඇමතිවරයාට කියු විට ඔහු පැවසුවේ මේ දුගද විද්‍යාත්මක දුගදක් බවයි.
ඒ නිසා මම පුදුම දුකකින් සිටියේ නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී මේ ගැන දැනුම් දුන්නාම සුභ දායක පණිවිඩයක් දුන්නා.
ඒ අනුව එතුමා ලබා දුන්න දායකත්වයට අපි ස්තුතිය පිරිනමනවා. ඒ මේ වන විට අරුවක්කාලුවට කසළ රැගෙන ඒම නවතා දැමීම නිසා.”