අභාවප්රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්රික්කයෙන් තරඟ කීරිම සඳහා ජිවන් තොණ්ඩමන් මහතාට නාමයෝජනා ලබාදෙන්නැයි ලංකා කම්කරු කොංග්රසය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.
ලංකා කම්කරු කොංග්රසයේ දේශපාලන මණ්ඩලය රුස්ව මෙම තීරණය ගෙන ඇති අතර දේශපාලන මණ්ඩල සාමාජිකයින් අද (27දා) විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදි අග්රාමාත්යවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. එම පක්ෂයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් මෙම ඉල්ලීම අග්රාමාත්යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.
ලංකා කම්කරු කොංග්රසය ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන අතර එම සන්ධානය සමඟ එක්ව ඉදිරි මහා මැතිවරණය සඳහා මේ වනවිට නාම යෝජනා භාර දී ඇත.
අභාවප්රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්රික්කය සඳහා නාමයෝජනා ලබාදී ඇති අතර ඒ වෙනුවට ජීවන් තොණ්ඩමන් මහතා ආදේශ කිරීම ලංකා කම්කරු කොංග්රසයේ ඉල්ලීමයි.
ආරුමුගන් තොණ්ඩමන් මහතා වෙනුවට ඒ මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා නුවර එළිය දිස්ති්රක්කය වෙනුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කිරිමට පක්ෂය විසිින් ගෙන ඇති තීරණය අගය කළ අග්රාමාත්යවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ ඉදිරි පියවර ගන්නා බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්රසයේ දේශපාලන මණ්ඩල සාමාජිකයින් වන ඞී. මති යෝගරාජා, එම්.රොමේෂ්වරන්, ඒ.පී.ශක්තිවේල්, ඒ.පිලිප්කුමාර්, කේ. කනගරාජ්, එල්. බාරතිදාසන්, ශ්රී ලංකා පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන්ද සහභාගි විය.