ආර්ථිකය සුබවාදී දිශානතියකට යොමු වේ යැයි තමන් විශ්වාස කරන බවත්, ලබාදුන් බදු සහන සමග ආයේජකයන් දිරිමත් වනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (16දා) පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ආර්ථිකය හැරෙයි කියලා මට විශ්වාසයක් තිබෙනවා. බදු කැපීමක් කරලා අපි පෞද්ගලික අංශයට සහන දෙනවා. ආයෝජකයන් දිරිගන්වන්නයි අපි බදු කැපීමක් සිදු කළේ. ඒ හරහා ආයෝජකයන්ට විශ්වාසයක් ඇති වේවි. ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් දෙන්නයි මගේ උත්සාහය” යැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඇතැම් ව්‍යාපාරිකයන් හා සමාගම් එම බදු සහන ජනතාවට ලබානොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය. බදු අඩු කිරීම අනුව සෑම භාණ්ඩයකම මිල අඩුවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට රැගෙන යෑමට සෑම දෙනෙකුගේම සහාය අවශ්‍ය බවත්, රාජ්‍ය අංශය තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
“රාජ්‍ය ආයතන ලාභ ලබන තැනකට ගේන්න හොඳ වෘත්තිකයන් /සුදුස්සන් පාලක මණ්ඩලවලට පත්කරන්න බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය අංශය කියන එකේ ප්‍රතිරූපය වෙනස් කළ යුතුයි. මේක කරන්න පුළුවන්. ඒක මම ලෝකයට පෙන්නුවා. ත්‍රස්තවාදී යුද්ධය පරාජය කරන්න බෑ කිව්වා. ඒත් අපි ජන මතයක් හැදුවා.
රාජ්‍ය අංශය ආකාර්යක්ෂමයි කියලා ජන මතයක් තිබෙනවා. ලක්ෂ 15ක රාජ්‍ය සේවකයන් ඉඳලා අවශ්‍ය දේ වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ආකල්පමය වෙනසක් ජනතාව තුළ ඇතිවිය යුතුයි.
2020දී අප පොරොන්දු වුණ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රී, ඇමති, නිලධාරීන්ගේ හා ජනතාවගේ සහයෝගය අවශයි. යුද්ධය දිනන්න හැමෝම උදව් කළා වගේ ආර්ථික අභියෝගය දිනන්නත් උදව් අවශ්ය්යි.
අපේ මන්ත්‍රීවරුන් හා නිලධාරීන් ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් අධ්‍යයනය කර තිබිය යුතුයි. කාර්යක්ෂ්ම රාජ්‍ය සේවයක් මේ වෙනුවෙන් අවශ්‍යයි. අපට හොඳ නිලධාරීන් ඉන්නවා. මම ලේකම් (ආරක්ෂක අමාත්‍යාංශ) ඉන්නකොට කෙළින් වැඩ කළේ අපේ නිලධාරීන්. ඒ අය ක්‍රියාත්මක වීම අවශ්‍යයි” යනුවෙන්ද ජනාධිපතිවරයා කියා සිටියේය.