පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් ඊයේ 2021.02.11 දින විවෘත විය.
විදේශ වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් මත්ස්‍ය අපනයනයේ යෙදෙන ලංකා සී ෆුඩ්ස් සමාගම රැකියා 600ක් පමණ උත්පාදනය කර තිබේ.
විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදනාගාරය තුළ ඉහළ ප්‍රමිතියෙන් යුතු මත්ස්‍ය සැකසුම් සිදුවන ආකාරය මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
අපනයන ප්‍රමිතියෙන් යුතු ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදන ඉදිරියේ දී දේශීය පාරිභෝගිකයන් උදෙසා රට පුරා පිහිටුවන වෙළඳසැල් ජාලාවක් ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව උදා වේ.
ලංකා සී ෆුඩ්ස් ආයතනයේ ඉදිරි දැක්ම පිළිබඳව එහි සභාපති සරත් කිත්සිරි මහතා මෙහිදී අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කළේය.