ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය කර තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින් සමන්විත වන අතර, එළැඹෙන සඳුදා (11දා) කථානායකවරයාට මෙම යෝජනාව භාර දීමට නියමිතව ඇත.
අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන බව අදාළ යෝජනාවන්හි දක්වා ඇත.
එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බවද මෙහි සඳහන් කර තිබේ.