අලදෙනිය පොලිස් වසමේ බෙරගම ප්රදේශයේ නිවසකට ආයුධ සන්නද්ධ පැමිණි පිරිසක් විසින් පහරදී එම නිවසට අලාභානි කොට වයස අවුරුදු 14ක පාසල් සිසුවකුගේ අතකට බරපතළ තුවාල සිදුකොට තවත් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලදෙනිය පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
බොලෙරෝ වර්ගයේ කැබ් රියකින් සහ යතුරුපැදිවලින් ඊයේ (16දා) රාත්රී ආයුධ සන්නද්ධව ජැකට් සහ හෙල්මට් පැළඳ පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදු කොට ඇති බව පොලීසිය කියයි .
මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මීට දින කිහිපයකට පෙර යුද හමුදා නිලධාරියකු සහ තරුණයන් පිරිසක් අතර කටුගස්තොට පොලිස් බල ප්රදේශය දී සිදුවූ කිසියම් සිදුවීමක් මෙම පහරදීමට හේතුවී ඇති බවට පහරකෑමට ලක්වු පාර්ශ්වය චෝදනා කර සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කොට ඇති බවයි .
ෂේන් සෙනෙවිරත්න