ආයුධ පෙන්වන්න ගිය සැකකරු ගල් වළට වැටී මරුට
කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් මහතා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු කඩුවෙල කොරතොට ප්රදේශයේ ගල් වලකින් පහළට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ කඩුවෙල ඉහළ බියන්විල පදිංචිව සිටි තුවාන් සිරාන් 34 නැමැත්තෙකි.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉන්දියාවේ දී මිය ගිය අංගොඩ ලොක්කාගේ සමීපතම පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්රශ්න කිරීමේදී ඉකුත් දෙවැනි දා කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශිය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් මහතාගේ ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය කොරතොට වැයික්කිය වත්ත ප්රදේශයේ ගල් වලක සගවා ඇති බවට ලබා දුන් තොරතුරක් අනුව සැකකරු එය රැගෙන ඒමට ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ග්රහණයෙන් මිදී සැකකරු පලා යාමට තැත් කිරීමේදී මෙම අනතුරු වී ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද පුද්ගලයා අතුරුගිරිය ප්රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්රකාශකයෙක් පැවසීය
නවගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි
popular news
-
Demuni Uduwara Wednesday, 10 August 2022 02:21 AM
Same habitual scenes reproduced !
Reply : 0 0
Samson de silva Wednesday, 10 August 2022 02:50 AM
Aho pudumayaki. Mokada? Raalahaamilaage thuwakkuwalata patharom thibune nedda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

