මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ආයෝජකයින්ට ඒ සඳහා අවශ්‍ය අවසර ලබා දීමේ දි සිදු වන ප්‍රමාදයන් අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවේ.
ලබන ජනවාරියේ සිට මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
මේ අනුව අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා අන්තර්ජාලය ඔස්සේම ඒ ඒ ආයතන සම්බන්ධ කරගෙන ඊට තාවකාලික (Pending) අනුමැතිය ලබා දීමටත් ඉන්පසු නිශ්චිත කාලයක් තුළ අදාළ අවසරය ලබා දීමටත් පියවර ගැනෙනු ඇත.
කිසියම් ආයෝජකයෙකුට මෙරට ආයෝජනය කිරිමේදී තවත් රාජ්‍ය ආයතන රැසක් අනුමැතිය ලබා ගැනීමට සිදු වේ. ඒ ඒ ආයෝජනයේ ස්වභාවය අනුව එලෙස අනුමැතිය ලබා ගත යුතු ආයතන සංඛ්‍යාව වෙනස් වේ. කෙසේ වෙතත් මෙලෙස ආයෝජන සදහා අවසර ගත යුතු යැයි හදුනාගෙන ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව 28 කි.
මෙම වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකසන ලෙසත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට හා ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල්වරියට උපදෙස් දි ඇත.