ආයෝජකයෙකු සොයාගෙන ඊ.ටී.අයි. ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව මහ බැංකුව සඳහන් කරයි.
මීට අමතරව ඊ.ටී.අයි. ආයතනයේ සමාගම් 06ක් ආයෝජකයන්ට ලබාදීමෙන් තැන්පත්කරුවන්ගෙන් 20%කට ප්රතිලාභ ලබාදී තිබෙන බවත්, ඉදිරියේදී තවත් 10%කට ප්රතිලාභ ලබාදෙන බවත් නියෝජ්‍ය මහ බැංකු අධිපති එච්.ඒ කරුණාරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව තැන්පත්කරුවන්ගෙන් තවත් 63%කට රුපියල් ලක්ෂ 06 බැගින් ප්රතිලාභ ලබාදීමට මහ බැංකුවට හැකියාව තිබෙන බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පැවසීය.