දෙසැම්බර් 16 දා පාසල් ආරම්භ කිරමේදී අවතැන් කඳවුරු වල සිටින සිසුන්ට එම කඳවුරට ආසන්න පාසලට යා හැකි බවත් පාසල් නිල ඇඳුම් පිළිබඳව ගැටලුවලට ලක්ව ඇති සිසුන්ට පාසලට ගැලපෙන ඇඳුමකින් පාසල් පැමිණිය හැකි බවත් අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ ඇඳුම් පිළිබඳව ලිහිල්ව සලකන ලෙස දන්වා සිටින බවයි. එසේම ඇඳුම් පිළිබඳව ගැටලුවලට මුහුණ දී ඇති පාසල් අධ්‍යන හා අනධ්ය කාර්ය මණ්ඩලයට පාසලට සුදුසු ඇඳුමකින් පැමිණිය හැකි බව ඔහු සදහන් කළේය.