නිවසක සුරතලයට ඇති කළ රුපියල් 80,000ක් පමණ වටිනා ආනයනික ගිරව් 9 දෙනෙකු සොරකම් කළ පුද්ගලයකු, සොරකම් කරන ලද එම ගිරව් සමග ඊයේ (22 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, සාලිය මාවතේ පදිංචි 29 හැවිරිදි කරණවෑමියෙකි.
පැමිණිලිකරු අනුරාධපුර සාලිය මාවතේම පදිංචිකරුවෙකු වන අතර ඔහු විනෝදාංශය ලෙස විවිධ රට වලින් ආනයනය කරන ලද ගිරවුන් නිවස ආසන්නයේ කූඩුවක දමා සුරතලයට ඇති කරන බව පොලීසිය කියයි.
පසුගිය 20දා පස්වරුවේ එම ගිරවුන්ට අවශ්‍ය කෑම සහ ජලය ලබා දී ඥාති නිවසකට ගොස් පසුදා තම නිවසට පැමිණ බැලීමේදී විවිධ වර්ණ වලින් යුතු ගිරවුන් 9 දෙදෙනෙකු කූඩු වල නොමැති බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල සිදු කර තිබූ බව පොලිසිය කියයි .
එම සොරකම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර එම සොරකම සිදු කළ බව කියන කරණවෑමියකු ගිරවුන් 7ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.