ඉදිරි සතියේදී ආනයනික කිරිපිටි මිල වැඩිකිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව ඉදිරියේදී ලැබෙන කිරිපිටි තොග සඳහා වන වියදම් ගණනය කර නව මිල ගණන් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
මේ වන විට වෙළඳපොළ තුළ ඇති කිරිපිටි තොග අවසන් වෙමින් පවතින බවද වාර්තා වෙයි.