ආනයනික කිරිපිටි මිල ඉදිරියේදී තවදුරටත් පහත හෙළීමට මෙරට ප්‍රධාන කිරිපිටි ආනයන සමාගම් එකඟත්වය පළ කර තිබේ. කිරිපිටි ආනයනකරුවන් හා වෙළඳ අමාත්‍ය වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව පවසා තිබේ.
ඒ අනුව, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඔවුන් ලබාදීමට නියමිතව තිබේ. පසුගිය මාසයේදී කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමටද කටයුුතු කළේය.
මේ වනවිට ග්‍රෑම් 400යේ කිරි පිටි පැකැට්ටුවක මිල රුපියල් 1160ක් වන අතර කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 2,895 කටයි.