ආනයනික සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 116කට වඩා වැඩි මිලකට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ නිරෝධායනය වන පවුල් සඳහා සහන මළු ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි.
නිවිතිගල, කහවත්ත, ඇළපාත ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා නිල වශයෙන් මෙම සහන මළු භාරදීම සිදු වුණා.
පවුල් 234 ක් සඳහා මෙහිදී සහන හිමිවනවා.
නිවිතිගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ඇතිව රම්‍ය ජන සහන පදනම මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.