මෙරටට පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනක සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමේදී එම සාම්පල තුනේ “ඇෆ්ලටොක්සින්“ නමැති ප්රබල පිළිකා කාරකය ඉහළ ප්රතිශතයකින් තහවුරු වී තිබේ.
සමාගම් 03ක් විසින් ඉදිරිපත් කළ අභියාචනා මත මෙසේ දෙවැනි වරටත් පිරිපහදු නොකළ පොල්තෙල් පරීක්ෂා කරන ලදී.
ඒ අනුව අලි බ්රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ තෙල්තොගවල “ඇෆ්ලටොක්සින්“නමැති ප්රබල පිළිකා කාරකය ඉහළ ප්රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සනාථ වූ බව ශ්රී ලංකා ප්රමිති ආයතනය සඳහන් කළේය.
ඒ අනුව බහාලුම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා වාර්තා රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ. ඒ අනුව අදාළ සමාගම්වලට තෙල්තොග ප්රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත.