අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට උපදෙස් දී ඇත.
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දුන්නේය.
මේ අනුව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.