පවතින ලෝක ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් පරිභෝජනය සදහා අවශ්‍ය දේ දේශීයව නිෂ්පාදනය කර ගැනීමට සහ අපනයන ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
රටේ පවතින වර්තමානයේ තත්ත්වය යටතේ රටේ ආර්ථිකය දුර්වල මට්ටමක පවතින බවත් ආදායම් මාර්ග සියල්ල බිද වැටි ඇති බැවින් මෙම සිමාවන් අපි පනවා ඇති බවත් එය කැමැත්තෙන් සිදු කරන දෙයක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.