ආනයන සීමා ලිහිල් කිරීමෙන් දේශියව නිෂ්පාදනය වන ආදේශන භාණ්ඩ ආරක්ෂා කර ගැනීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම කමිටුව සති 2කට වරක් රැස් වී දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා අවශ්‍ය බදු සහ ආනයනික භාණ්ඩ අතර බදු කළමණාකරණය පිළිබඳ සොයා බලන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.