රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.
19 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශන යටතේ ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනුණි.