අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි ආධුනික බන්ධනාගාර නියාමකවරයකු ඇඳ සිටි කලිසමක සාක්කුවේ තිබූ හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාර නියාමකවරයා අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරිහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ආධුනික බන්ධනාගාර නියාමකවරයකු බව පොලිසිය කියයි.
මෙම ආධුනික බන්ධනාගාර නියාමකවරයා ඇඳසිටි කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 25ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 35ක් අඩංගු පාර්සලයක් ඊයේ (2දා) රාත්‍රී කාලයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා සහ අත්අඩංගුවට ගනු ලැබු මත්කුඩු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානයට බාර දී ඇත.
අනීෂා මානගේ