මෙරට ආදීවාසින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන්නේ ප්‍රථම වතාවට නොවන බවත් දැනටමත් තම ලේලියක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්ව සිටින බවත් ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ අද පුවත්පතට පැවසීය.
ගම්සභා කාලයේ සිටම ආදිවාසින් එම ඡන්දවලට ඉදිරිපත්වී ජයග්‍රහණය කර ගම්සභා නියොජනය කල බවත් හෙතෙම අවධාරණය කළේය.
මගේ ලේලියක් වන ශිරෝමලා දැනටමත් ප්‍රාදේශි සභා මන්ත්‍රීවරියක්. මම නම් මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැහැ. මගේ මග පෙන්වීම යටතේ හා ආශිර්වාදය ඇතිව ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් රැහේ තරුණ තරුණියන් තුනදෙනක් ඉදිරිපත් වෙනවා.
අම්පාර (හෙන්නානිගල ), බදුල්ල(දඹාන ), මොණරාගල (මඩුල්ල ) යන දිස්ත්රක්වලට මේ අය අයත්වෙනවා.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුනෙන් මා සොයාගෙන ඇවිල්ලා කතා කරලා අපේ ඇතතන් කීපදෙනෙක් ඉදිරිපත් කරන්න කියල ඉල්ලීමක් කල නිසා මා ඊට අනුමැතිය දුන්නා.
හැබැයි මේක දැන් සමහර මාධ්‍ය කතාකරන්නේ අළුත් දෙයක් හැටියට.මේක ප්‍රථම අවස්ථාව නොවෙයි මගේ ලේලියක් මිට පෙර ප්‍රාදේශීය සබාවක හිටියා.
ප්‍රාදේශීය සබා එන්න කලින් තිබුනේ ගම්සභා ගම්සභාවලටත් ආදිවාසීන් ඉදිරිපත්වෙලා ජයග්රහන කරල තියෙනවා.”
පාලිත ආරියවංශ