ආදරවන්තයින්ගේ දිනයට සමගාවීමි විවිධ අයුරින් නීති විරෝධී සාද පවත්වන්නේ නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා පැවැසීය.
ආදරවන්තයින්ගේ දිනයට විවිධ නීති විරෝධී සාද පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය මගින් අධීක්ෂණය කරමින් පවතිනවා.
මෙවැනි නීති විරෝධී සාද පවත්වන්නේ නම් වැටලීමට පොලීසිය ක්‍රියා කරනවා. ඕනෑම අවස්ථාවකදී සාදයක් ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීට අවශ්‍ය නම් ඒ සඳහා සෞඛ්‍ය අවසරය ලබාගෙන තිබිය යුතුයි. එසේ නොමැතිව සාද පවත්වන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරනවා.