කොවිඩ් 18 හේතුවෙන් රට වසා තැබූ කාලය තුළදී ජුනි 20 දා තෙක් දඩගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවාදීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලාබා දී තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
“දේශීය ආදායම් පනත අනුව නියමිත කාලයට බදු නොගෙවීම නිසා දඩ මුදලක් අයකරනවා. නමුත් රට වසා තිබූ කාලය තුළ කිසිම දඩයකට යටත් නොවී ආදායම් බදු ගෙවීමේ අවස්ථාව තිබෙනවා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා”