දේශීය ටින් මාළු කර්මාන්තයට බලපා ඇති ගැටලු හා දේශීය ටින් මාළු පාරිභෝගිකයන් තුළ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ටින් මාළු කර්මාන්තකරුවන්ට බලපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21දා) ධීවර අමාත්‍යංශයේ දී සිදු විය.
මෙම සාකච්ඡාවේදී දැනට ලංකාවේ ටින් මාළු කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් අදහස් දක්වමින් පවසා සිටියේ රට තුළ පවත්වාගෙන යන ටින්මාළු කර්මාන්තශාලා 22ක් පවතින බවත් ඉන් 12ක් පමණක් නිසි ප්‍රමිතියෙන් යුක්තව SLS තත්ව සහතිකය යටතේ ටින් මාළු අළෙවි කරන බවත්ය.
තවද කර්මාන්තශාලා 04ක් ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අතර තවත් කර්මාන්තශාලා 06 ක් කිසිදු ප්‍රමිතියකින් තොරව වෙළෙද පොලට ටින් මාලු අළෙවි කිරීම සිදුකර ගෙන යන බවත්ය. මේ හේතුව නිසා පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින් මාළු සඳහා පවතින ඉල්ලුම පහළ බැස ඇති අතර මේ සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ප්‍රකාශ කරන ලදී. තවද විදේශ රටවලින් ටින් මාලු ආනයනය කිරීම තුළ දේශීය කර්මාන්තය යම් පසුබෑමකට ලක්ව ඇති අතරම මේ සඳහා ධීවර අමාත්‍යංශය යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අවධාරණයකරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ වර්තමානය වන විට රට තුළ පවතින මාළු මිලට සාපේක්ෂව දේශීය ටින් මාළු පාරිභෝගික ජනතාව අතර ප්‍රචලිත කිරීම තම අරමුණ බවත් ඒ සඳහා පවතින ගැටලු හා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දින ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන වල නිලධාරීන් මෙන්ම ප්‍රමිති ආයතනයේද රේගුව ආදී අදාළ ආයතන වල නිලධාරීන් කැදවා ඇති බවත් ටින් මාළු කර්මාන්තය කරගෙනයාමේදි කර්මාන්ත කරුවන්ට බලපාන ගැටලු ඉදිරිපත් කළ හැකි අතර ඒ සදහා කඩිනම් විසදුම්ද ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ වන බවද පැවසීය.
විශේෂයෙන් දේශීය ටින් මාළු පාරිභෝගික ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් දැනටමත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ලංකා සතොස හා සමුපකාර සමිති හරහා අළෙවි කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සදහා නිසි ප්‍රමිතියක් පවතින ටින් මාළු වෙළද පොළට මුදා හැරීමට කර්මාන්ත කරුවන් කටයුතු කළ යුතුව ඇති අතර කිසිදු ආකාරයකින් ප්‍රමිතියෙන් තොර ටින් මාළු අළෙවිකිරීමට අවස්ථාව නොදෙන බවත් පැවසු අමාත්‍යවරයා දැනටමත් SLS ප්‍රමිති සහතික ලබාගෙන නොමැති කර්මාන්ත 06 සදහාද කඩිනමින් ප්‍රමිති සහතික ලබා දීමට පියවර ගත යුතු බවද ඒ තුළින් පාරිභෝගික විශ්වාසය දිනාගෙන දේශීය ටින් මාළු වෙළඳපොල තුළ ප්‍රචලිත කළ හැකි බවද පැවසීය.

