සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අදාළව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නම් විශ්වාසභංගයෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
විශ්වාසභංග යෝජනාව ජයගැනීමෙන් පසුව සමගි ජනබලවේගය සර්ව පාක්ෂීක අන්තර්වාර පාලනයක කොටස්කරුවන් වන්නේද යන්න හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා අර්බුදයට විසඳුම් සේවීම යන කොන්දේසි දෙකින් එකකට ගිවිස ගැනීමකින් තොරව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහාය නොදෙන බව මන්ත්‍රීවරුන් දස දෙනා යැවූ ලිපියෙහි සඳහන් වේ.
සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ජයග්‍රහණය කිරිමට නම් මෙම මන්තීවරු 10 දෙනාගේ සහයෝගය ප්‍රධාන සාධකයක් වෙයි.