ආණ්ඩුවට හිමි ඉඩම් ප්රමාණය ආණ්ඩුව නොදන්නා බවත් ප්රා දේශීය ලේකම්වරුන්ට ඉඩම් පැවැරීමට දුන් තීරණය තාවකාලිකව නවත්වා ඇති බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ප්රතිපත්ති සම්පාදනයට තරුණ ප්රජාවේ දායකක්තය ලබාගැනීමට පැවැති වැඩසටහනකට අදාළ සාකච්ඡාවකදී ජනපතිවරයාට යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“පළමුව බලන්න ඕන රටට වෙන අසාධාරණය නවත්වන්න. එක එක ආයතනවලින් එක එක අයට ඉඩම් දීලා තියෙනවා. අපි දන්නේ නෑ කාටද දීලා තියෙන්නේ කියලා.
77දී මේ ඉඩම් පාලනය කළේ රජයේ ඉඩම් දෙපාර්තමේන්තුව. සංවර්ධන වැඩ වලට දුන්නා. දැන් ඒ සංවිධාන තමන්ට ඕන විදිහට ඉඩම් බෙදාගෙන යනවා.
මහවැලියට දුන්නේ සංවර්ධන කටයුත්තකට. ඒ වැඩ කටයුත්තට අමතරව ඉඩම් බෙදා දීම එදා දීපු ක්රමවේදය අනුව නෙමෙයි අද සිදුවෙන්නේ.
ඉඩම් ප්රතිසංස්කරණ සභාවට දුන්නේ යම්කිසි සීමා සහිත වැඩ කොටසක්. දැන් ඒ අයත් ඉඩම් බෙදනවා. අපි දන්නේ නෑ මොකක්ද සිදුවෙන්නේ කියලා. ආණ්ඩුවට අද තමන්ට තියෙන ඉඩම් ප්රමාණය මොකක්ද කියලා කියන්න බෑ.
ප්රා දේශීය ලේකම්ට කැමති විදිහට බෙදන්න බෑ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. අපි ඒක තාවකාලිකව නවත්වලා තියෙන්නේ. අපි කොමිටියක් දානවා. ඒ අනුව තමයි ඉඩම් බෙදන්න දෙන්නේ. ඒකත් තාවකාලිකයි.
ඊට පස්සේ අපි නීතියක් දානවා. ඒ නීතිය අනුව අලුත් ආයතනයක් ඇති කරනවා. රාජ්ය ඉඩම්වල භාරකරු. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ සම්පූර්ණ ප්රමාණය දැනගන්න.
ඊට පස්සේ අපි බලන්න ඕන රජය හා පෞද්ගලිකව සියයට 32ක් ඉඩම් වලින් වනාන්තර වලට වෙන්කරලා තියෙනවද කියලා.
ඉතුරුවා කෘෂිකර්මයට වෙන ඒවට යොදවන්න වෙනවා. රටේ ආණ්ඩුවවත් දන්නේ නැත්නම් තමන්ට තියෙන ඉඩම් ටික.“