ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් බලවේගයක්
ආණ්ඩුව ක්‍රියාත්මක කරනප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට එරෙහිව විපක්ෂයේ පක්ෂ සහ කණ්ඩායම් එක්ව පොදු වැඩපිළිවෙලක් යටතේ දැවැන්ත බලවේගයක් නිර්මාණය කිරීම සඳහා මුලපිරීම ඊයේ (24දා) සිදුවිය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරාධනයකට අනුව විපක්ෂයේ දේශපාලන පක්ෂවල සාමාජිකයන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස්බාකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිඳුකුමාරතුංග, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් සාකච්ඡාවට එක්වූහ.
දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණද මෙම අවස්ථාවට පැමිණ නොසිටියහ.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද(25දා) මෙම සාකච්ඡා සඳහා සහභාගී වන බවද සදහන් කර තිබේ.
මෙම දැවැන්ත බලවේගය හරහා ප්රජාතන්ත්ර විරෝධී නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත පරාජය කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
"විපක්ෂනායක සජිත් ප්‍රේමදාස- අද විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් එකට එකතුවෙලා අපි සාකච්ඡාවක් කළා ත්‍රස්ත විරෝධී පනතට එකහෙලාම විරුද්ධ වෙන්න. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන, ප්රජාතන්ත්රවාදය කෙලෙසන, රටේ ලක්ෂ 220ම ත්රස්තවාදීන් ලෙස ජනාධිපතිවරයාට හඳුන්වන්න පුළුවන් වනමේ අන්තවාදී පනත අපි පරාජය කරනවා.
මානව අයිතිවාසිකම්, ප්රජාතන්ත්රවාදී අයිතීන්, ජාතික ආරක්ෂාවඇතුළු මේ සියලු ඉලක්ක සම්පූර්ණ කරගන්න අලුත් පනතක් නිර්මාණය කරනවාද, එසේ නොමැති නම් පවතින මහජන ආරක්ෂාව යටතේ ඉදිරියට යන්න පොදු මතයකට එකතු වෙනවාදයන්න සාකච්ඡා කළා"
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම -නෛතික, ජාතික, සමාජයීය, ජාත්‍යන්තර යන සිව් ආකාරයෙන් මේ තත්ත්වය පිළිබඳ ක්‍රියාමාර්ග කටයුතු කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව, ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ එම හමුවේදී මූලික අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම පනත පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ සමග එක්ව කටයුතු කරන බවට සියලු දෙනාම එක්විය යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් - ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළහොත්ජාත්යන්තර වශයෙන් බලවත් අනතුරක් ඇතිවීමට හැකියාව තිබෙනවා. යුරෝපා කොමිසම පවා මේ තීරණාත්මක මොහොතේ එරෙහිවීමට ඉඩ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් දැන් ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කරන්න යනවා. මේක ජනාධිපතිවරයා නීත්‍යනුකූල ඒකාධිපතියෙකු බවට පත් වීම උදෙසා උත්සාහ කිරීමක ප්‍රතිඵලයක් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් - ඇත්තටම මේ පනතට විරෝධය දැක්වීමේදී නිශ්චිත කාලරාමුවක් සකස් කර ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් - මගේ යෝජනාව නම් ආංශික කාරක සභා රැස්වන අවස්ථාවේදී මේ පනත පිළිබඳ බලපෑම් සහගත සාකච්ඡාවක් සිදුකළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල - දැන් මේ පනතට සියලු දෙනා විරුද්ධ බව පැහැදිලියි. දැන් අවශ්‍ය වන්නේ ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවකට පැමිණීම.
මේ අතර අදාළ පොදු එකඟතා කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ කැඳවුම්කරු ලෙස විපක්ෂනායකවරයා සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් ඉම්තියාස් බාකීර් මාකර් මහතාව පත් කරනු ලැබීය.







popular news
-
Hector Monday, 24 April 2023 06:16 PM
It won't last more than a month. I don't understand the logic here. Sajith can go with the Pohottu members but against Ranil ruling with the same group members. Sajith has voted and supported Dullas candidacy for the president but say Ranil did not come from a peoples' mandate therefore his appointment is illegal. If Dullas became the President that is legal. What an idiot.
Reply : 0 0
Bamunuarachchi Tuesday, 25 April 2023 07:32 AM
උඹලට ඔච්චර කරන්න පුළුවන් නම් ආණ්ඩු පෙරලපල්ලකෝ. නිකන් බොරුවට පිස්සු කෙලින්නේ නැතුව හිටපල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

