වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
&මේ වනවිට අපි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා ඉතාම සරල කෙටුම්පතක් හදලා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කළා. ඒ අන්තර්ගතය පිළිබඳව ඒ අයගේ එකඟතාවය දැනුම් දීලා තියෙනවා. ඉදිරියේ දී ආණ්ඩුව ඉවත්වන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ විශ්වාසභංග යෝජනාව මේ සතිය ඇතුළත භාරදෙනවා.*