පාස්කු කොමිසමේ නිර්දේශ බොහොමයක් මේ වනතෙක් රජය ක්‍රියාත්මක කර නොමැති බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියි.
ඒ තුළින් කාලය සහ බලාපොරොත්තු නැති වූ බවත් වත්මන් ආණ්ඩුව වින්දිතයන්ගේ බලාපොරොත්තු සියල්ල බිඳ දමා තිබෙන බවද උන්වහන්සේ සඳහන් කර සිටියි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම මැයෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියි.