ආණ්ඩුව වරද්දා ගත්තට තම පක්ෂයට කළ හැකි දෙයක් නොමැති බවත් ආර්ථිකය මේ ආකාරයෙන් කඩා වැටීමට එක් හේතුවක් වන්න් ජනාධිපතිවරු මුදල් ඇමතිකම දැරීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රා ජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරන මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමපහ දිස්ත්‍රික් සමුළුව ඊයේ (19දා) අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ආණ්ඩුව කා ගත්තට අපිට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවේ තියෙන විවිධ ප්‍රශ්න නිසා රට අපහසුතාවට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු විටක ඉඩ තියන්නේ නෑ.මේ ජනාධිපතිධුරයෙන් (විධායක) ලැබුණ එකම දේ තමයි යුද්ධය පරාජය කරන්න ලැබිම.
හැබැයි එතනින් පස්සේ බලන්න ගත්ත හැම තීන්දුවක් නිසාම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශකයෝ පැත්තක තියලා ළමා රෝග විශේෂඥයෝ ගන්නවා මේ රටේ පොහොර ප්රශ්නය විසඳන්න.ඒකේ ප්‍රථිපලය තමයි මේ ඇතිවෙලා තියෙන්නේ.
ජනාධිපතිවරයා ආපුවාම කල්පනා කරන්නේ තමන්ට වැදගත් මිනිස්සු ටික ළඟ තියා ගන්න නෙමෙයි රස්තියාදු කාරයෝ ටිකක් ළඟ තියා ගන්න. උදේ ඉදන් රෑ වෙනකම් ජනාධිපතිතුමා ෂෝක් කියන අය තමයි හැමදාතමත් ජනපතිවරු ගාව හිටියේ.
77න් පස්සේ මේ රට කඩා වැටෙන්න හේතුව තමයි ජනාධිපතිවරු ගිහිල්ලා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය භාර ගැනීම.සත පහක දෙයක් දන්නේ නෑ මුදල් අමාත්‍යාංශය ගැන. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කියනවා මට ලොකු ලොකු බිල්ඩින් හදන්න ඕන. මට ලොකු ලොකු මාළිගා හදන්න ඕන. මට ලොකු ලොකු ව්‍යාපෘති හදන්න ඕන. මට කොහොන් හරි සල්ලි ටිකක් හොයලා දීපන්.සියයට පහට, සියයට හයට, සියයට හතට ණය ගන්නවා. මේ ප්‍රතිඵලය තමයි අද තියෙන්නේ.
දවස ගානේ අපි ණය කාරයෝ කරනවා. එක පුද්ගලයෙකුගේ පුද්ගලික වැඩපිළිවෙළකටයි මේ යන්නේ. මම නම් පුද්ගලිකව දකින්නේ මේ ජනාධිපතිකම අහෝසි කරන්න ඕන.”