ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් ඊයේ (17දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලෝක බැංකුවේ නියෝජිතයන් දැනුවත් කරන ලදී. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී ය.
මීට පෙර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් එකට හමු වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවස්ථාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී ලබා දෙන ලදී. එහි තවත් පියවරක් ලෙස ලෝක බැංකුවේ නියෝජිතයන් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් එකට මුණ ගැස්වීමට අද කටයුතු කළේය.
එහි දී ඔවුන් පසුගිය කොරෝනා කාලයේ තම ව්‍යාපාර හරියට කර ගෙන යාමට නොහැකි වීමත් පසුගිය රජයේ අකාර්යක්ෂම පාලනය නිස රට බංකොලොත් වීමත් නිසා තම ව්‍යාපාර පාඩු වූ බවත් ඒ නිසා ලබා ගත් ණය ගෙවීමට අපහසු වූ බවත් ණය ගෙවීම සදහා සාධනීය වැඩපිළිවෙළක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඊට අමතරව වත්මන් රජය විසින් අමානුෂීය ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තමන් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.