අවශ්‍ය පහසුකම් ලබා නොදිම හේතුවෙන් කන්තලේ ප්‍රාදේශීය සභාවේ නිළධාරින්ට එරෙහිව වහාම ක්‍රියාමාර්ගයක් ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (22) පස්වරුවේ බලධාරීන්ට නියෝග කළාය.
47 වැනි නැගෙනහිර පළාත් ක්‍රිඩා උළෙල අද පෙරවරුවේ කන්තලේ ලීලාරත්න ක්‍රිඩාංගනයේදි ආරම්භ කෙරිණි
එම ක්‍රිඩා උළෙල පැවැත්වෙන අවස්ථාවේ ප්‍රාදේශීය සභාවෙන් ඒ සදහා ඉටු විය යුතු කිසිදු සේවාවක් ඉටු නොවුන බව ක්‍රිඩා බලධාරීන් ආණ්ඩුකාරවරිය දැනුවත් කළහ.
ඉන් අනතුරුව ක්‍රිඩා උළෙල පැවැත්වෙන අතරතුරේ ආණ්ඩුකාරවරිය කන්තලේ ප්‍රාදේශීය සභාවේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක් වූවාය .
ඒ අවස්ථාවේදී ද එහි ප්‍රාදේශීය සභා සභාපති වරයා, උප සභාපති වරයා, සභා ලේකම්වරයා, පරිපාලන නිළධාරිවරයා, ප්‍රධාන කළමණාකරන සේවා නිළධාරි යන තනතුරු වල සිටින කිසිදු පුද්ගලයෙකු එහි නොසීටීම ගැන ආණ්ඩුකාරවරිය දෝශාරෝපනය කළාය.
පළාතේ ප්‍රධාන උත්සවයක් සිය බල ප්‍රදේශයේ පැවැත්වෙන අවස්ථාවේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන කිසිදු ප්‍රධානියෙකු ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම පිළිබදව ද ඇය දැඩි කනස්සල්ලෙන් යුතුව දොස් නැගුවාය.
ඉන් අනතුරුව පළාත් පාලන කොමසාරිස්වරයා ඇමතු ආණ්ඩුකාරවරිය අදාළ පිරිසට එරෙහිව කටයුතු කරන ලෙසද දැනුම් දුන්නය.
මහජනතාවට සේවය කිරිම සදහා ස්ථාපනය කර ඇති රාජ්‍ය ආයතන වලින් නිසි සේවාවක් ඉටු නොවන්නේ නමි ඒ සදහා වියදම් කරන ජනතා බදු මුදල් පිළිබදව යළි සලකා බැලිය යුතු බවද ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් කීවාය.