ආණමඩුව ප්රා.සභාව තාවකාලිකව වසා දමයි
කොවිඩ් ආසාදිතයකු ඇසුරු කල නිලධාරියකු ( 22 ) සේවයට පැමිණිමත් සමග ආණමඩුව ප්රාදේශීය සභාව කලින් වසා දැමිමට කටයුතු කල බව සභාපති ප්රියන්ත රාජකරුණා මහතා පවසයි.
මෙසේ කාර්යාල පරිශ්රය විෂබිජහරණය කිරිමට හේතු වි ඇත්තේ ගල්ගමුව ප්රදේශයේ සිට පැමිනෙන නිළධාරියකු අනතුරකට ලක්වු මිතුරෙකු රෝහල් ගත කිරිමත් සමග අනතුරට ලක්වු තැනැත්තා ජෛව පටල සාම්පල පරික්ෂාවකට යොමු කිරිමේන් පසුව අදාල තැනැත්තා කොවිඩ් ආසාදිතයකු බවට සනාථ විමෙන් පසුව පසු බව කියයි.
අදාල නිලධාරියා රෝහල් ගත කිරිමට රැගෙන ගිය මිතුරා කොවිඩ් 19 ආසාදිතයකු බව (22) දින සනාථ වි තිබුනී.
මේ හේතුවෙන් අදාල නිලධාරියා ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පවත්වා තිබිම නිසා ආණමඩුව ප්රාදේශීය සභාව සම්පුර්ණයෙන් විෂබිජහරණය කිරිමට සභාපතිවරයා කටයුතු කර තිබුනී.
මේ හේතුන් නිසා අදාල කාර්යාල පරිශ්රය විෂබිජහරණය කිරිමේන් පසුව අනෙක් නිලධාරින් නිවෙස් වෙත යැවිමට කටයුතු නර නැවත ආණමඩුව ප්රාදේශීය සභාව යලි 25 දින විවෘත කිරිමට කටයුතු කරන බව සභාපතිවයා පැවසුවේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

