ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් ,සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියා වැළැක්වීම හා තුරන් කිරීම සඳහා රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
සමාජය විකෘති කිරීමට පොලඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කළ බවද හෙතෙම පවසයි.
රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනෙකුටම තම ආගම ඇදහිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.