ආගමන හා විගමන නිලධාරීන් විරෝධයක
කටුනායක ගුවන් තොටුපොළ ප්රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ 04/12 උදෑසන 09.00 සිට 04/13 දින උදෑසන 09.00 පැය දක්වා " අත් වල කළු පටි බැද " වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක නිරත වීම ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ .
ඒ අනුව මෙම විරෝධතා ව්‍යාපාරය කටුනායක ගුවන් තොටුපොළ තුළ ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී .
දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින උග්‍ර නිලධාරී හිගය , නිසි කළට තනතුරු සදහා පුරප්පාඩු නොපිරවීම , රාජකාරී සේවා මුර ක්‍රමය වෙනස් කිරීම , රජය ස්ථිර වීසා ප්රතිපත්තියක නොපිහිටා කටයුතු කිරීම නිසා සංචාරකයන් වේශයෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් රට තුළට ඇතුළු වීම , වීසා අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශීය පෞද්ගලික සමාගමකට භාර දීම යනාදී කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක වුවද එනිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට සහ කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලට කිසිදු බාධාවක් ඇති වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
