මීට මාස තුනකට පමණ පෙර දඩයක්කරුවකුගේ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා, දැනට අසාධ්‍ය තත්වයේ සිටින 'අග්බෝ' ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදෙස් විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් පැමිණීමට නියමිත බව අනුරාධපුර වන ජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.
මේ වන විට අග්බෝ ඇතා තිරප්පනය , ලබුනෝරුව වැව් රක්ෂිතයේ සැරිසරමින් ඇවිදීමේ දැඩි අපහසුවකින් පසුවේ.
බදින තුවක්කුවක් පත්තුවී තුවාල ලැබූ අග්බෝ ඇතා, පශු වෛද්‍යවරුන්ට හමුව වී මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබුවද මේ වන තෙක් එම තුවාලය සුව අතට හැරී නොමැත.
පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පසු ගියදා විශේෂ පරීක්ෂණයක් සිදු කර එම ඇතාගේ රුධිරය ඇතුළු කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරිමට කටයුතු කර ඇති බවත් විදෙස් පශු වෛද්‍ය කණ්ඩායම නුදුරේදීම ලංකාවට පැමිණීමට නියමිත බවත් පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.
අඩි දහයක් පමණ උසැති මෙම ඇතා අවුරුදු 40 පමණ වයසේ පසුවන බවත් පසුගිය කාලය පුරාවට අනුරාධපුර තුරුවිල, තිරප්පනේ හා මහකනදරාව ප්‍රදේශවල සැරිසැරූ බවද වන ජිවි නිළධාරින් පවසයි.
අනුරාධපුර කලාප භාර වන ජිවි නිළධාරින් හා පශු වෛද්‍යවරුන් විසින් 'අග්බෝ' ඇතාට ප්‍රතිකාර කිරීම වරින් වර සිදු කරමින් සහ අවශ්‍ය ආහාර ද ලබා දීමට කටයුතු සිදු කරති.