මෙම මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ අද (14) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, අදාළ ප්රතිලාභීන්ට අද සිට සිය අස්වැසුම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබාගත හැකි බව සමාජ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම සුබසාධක වැඩසටහනේ පළමු සහ දෙවන අදියරයන් යටතේ ප්රතිලාභී පවුල් 1,197,728ක් සඳහා ලබා දීමට නියමිත මුළු මුදල රුපියල් බිලියන 11.16කි.
අස්වැසුම පළමු අදියර යටතේ ප්රතිලාභී පවුල් 985,283ක් සඳහා රුපියල් බිලියන 9.12ක මුදලක් ලබා දීමට නියමිතය. දෙවන අදියර යටතේ ප්රතිලාභී පවුල් 212,445ක් සඳහා රුපියල් බිලියන 2.04ක මුදලක් බැර කිරීමට නියමිතව තිබේ.