සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනාව රුපියල් බිලියන 11.3ක් අද(16) දිනයේ සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ යටතේ පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ පවුල් 999,053ක් වෙනුවෙන් රුපියල් බිලියන 9.18කට (9,181,696,250) අධික මුදලක්ද දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 213,335ක් සඳහා රුපියල් බිලියන 2.12ක (2,120,856,250) මුදලක්ද ගෙවීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙලෙස බැංකු ගිණුම්වලට බැර කෙරෙන අස්වැසුම මුදල් ලබන හෙට(17) දිනයේ සිට ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම් හරහා ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.