සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2025 අගෝස්තු
මස 15 දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.
මේ අනුව රු. 11 275 973 750 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1 421 745ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම
ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
ඒ අනුව ප්‍රතිලාභීන්ට අගෝස්තු මස 15 දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිණුමෙන් ලබා ගැනිමට අවස්ථාව තිබේ.