ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන්.
ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා.
සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි.
ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට ද පසුබට වන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය
දෙවන කාණ්ඩය සඳහා මුදල් ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
දැනට සුදුකම් ලබා ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 සඳහා ප්රතිලාභ ලබාදීමට රුපියල් බිලියන 15ක් පමණ වැය වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එම සියලු දෙනාටම අවශ්‍ය මුදල් කඩිනමින් මුදාහරින බව ද කියා සිටියේය.
අස්වැසුම පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙ. ව 9.00 සිට ප. ව 4.00 දක්වා සිදු කළ හැකි බවත් ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ව්‍යාජ තොරතුරු ලබා දී අස්වැසුම ප්රතිලාභ ලබාගැනීමක් සිදු කර තිබුණහොත් එය නැවත පූර්ණය කර ගැනීම සඳහා අස්වැසුම පනතේම ප්‍රතිපාදන ඇති බවත් එසේ සිදුව ඇත්නම් නැවත මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට පසුබට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.