නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ සිදුව ඇති අස්වැසුම මුදල් වංචාව මත එම අස්වැසුම මුදල් අයථා ලෙස ලබා ගෙන ඇති බවට සැකකරුන හැටන් අධ්‍යාපන කලාපයේ ගුරුවරියන් 05 දෙනකුගේ හා ගුරුවරයෙකුගේ සේවය තාවකාලකව තහනම් කිරිමට මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙසේ අයථා ලෙස අස්වැසුම මුදල් ලබා ගැනිම පිලිබදව මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ උපදෙස් මත මේ පිලිබදව පුලුල් පරික්ෂනයක් ආරම්භ කර තිබේ.