අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
පළමු අදියර යටතේ ප්රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක් හා දෙවැනි අදියර යටතේ ප්රතිලාභී පවුල් 211,647කට රුපියල් 2,468,250,000ක මුදලක් අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.
අද දිනයේ පමණක් අදියර දෙක යටතේ පවුල් 1,224,459කට රුපියල් 11,825,596,250ක අස්වැසුම් ප්රතිලාභ මුදලක් ගෙවීමට නියමිතය.