ඇටඹගස්කඩ, අසරණ සරණ සුබ සාධක මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 80 කට ආසන්න සාමාජික මුදලක් හා එම මුදල් සටහන් කර තිබූ ලිපි ලේඛණ හිටපු නිලධාරින් අස්තාන ගත කිරිම හේතුවෙන් සමිතියේ සාමාජිකයින් හා නව නිලධාරින් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ගම්වාසීහු පවසති.
අවුරුදු 25 ක් පැරණි අසරණ සරණ සුබ සාධක මරණාධාර සමිතියේ මේ වන විට මීනි පෙට්ටියක් ගැනීමටවත් මුදල් නොමැති තත්ත්වයට පත්ව ඇති බව ඔවුහු කියති.
මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ අංක 44 පුහුදිවුල තුලානට අයත් ගම්මානයක් වන ඇටඹගස්කඩ ගම්මානයේ සාමාජික පවුල් 216 කින් සමන්විත අසරණ සරණ සුබ සාධක මරණාධාර සමිතිය 1998 වර්ෂයේ දී ආරම්භ කර ඇත.
අනතුරුව දිනෙන් දින නව සාමිජිකත්ව, සහන ප්‍රථිලාභ ලබා දෙමින් සමිතිය දියුණු කිරීමටද ගම්මානයේ ඇතැම් සමිති නිලධාරින් කටයුතු කර තිබුණි. එසේ දියුණු කරමින් රුපියල් ලක්ෂ 80 ට ආසන්න මුදලක් දක්වා සාමාජික මුදල් ශක්තිමත් කරමින් 2021 වර්ෂයේ නව නිලධාරින් මණ්ඩලයකට සමිතිය භාර දීමට සමිති සාමාජිකයින් කටයුතු කර තිබුණි.
එසේ භාරදුන් සමිතියේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ නිලධාරියා ඇතුලු සභාපති, ලේකම් සමිතිය වල පල්ලට ඇදගෙන ගොස් ඇති බව ගම්වාසීහු වැඩිදුරටත් පැවැසීය.
2022 වර්ෂය අවසන් වී නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට දින 05 ට ආසන්න කාලයක් තිබියදී මෙම සමිතියේ මුදල් එක් වරම භාණ්ඩාගාරික වරයාගේ නිවසේ තිබී අස්තාන ගත වූ බව සාමාජිකයින්ට දැනගන්නට ලැබී ඇත.
අනතුරුව මෙම භාණ්ඩාගාරිකවරයා කැබිතිගොල්ලෑව අපරාධ විමර්ෂණ ඒකකයේ පැමිණිල්ලක්ද මේ පිළිබඳ දැමීමට කටයුතු කර තිබුණි. එහි සටහන්ව තිබුණේ තම නිවසේ බැංකුවේ තැම්පත් කිරීම සඳහා සමිතියට එකතු වී තිබූ සාමාජික මුදල් සහ ණය මුදල් රුපියල් ලක්ෂ 35 ක ප්‍රමාණයක් සහ ලිපි ලේඛණ රැසක් නිවස තුලට පැමිණි හොරුන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
මේ පිළිබඳ පොලිසිය විමර්ෂණ කටයුතු සිදු කරමින් සිටි අතර තුලදී අස්තාන ගතවූ බැංකු පොත් වල නැවත පිටපත් ලබා ගැනීම සිදු කර තිබුණි.ඒ අතර තුළ 2023 වර්ෂයේ සමිතියට නව නලධාරින් මඩුල්ලක් තාවකාලිකව පත් කර ගැනීමටද සාමාජිකයින් කටයුතු කළේය.
නව නිලධාරින් හට එය බැලීමට අවස්තාව ලබා දීමත් සමග එහි මුදල් නොමැති බව ඔවුන් හට දැන ගන්නට ලැබී ඇත. ඒ අනුව එක් පොතක රුපියල් එක් ලක්ෂ අසූ දහස්ක පමනක් තිබූ බවත් අනිත් පොත් වල රුපියල් 4000 ක් වැනි මුදලක් තිබූ බවත් සාමාජිකයින් හට නව නලධාරින් පවසා ඇත.
එහිදී සාමාජිකයින් අස්තාන ගතවූයේ රුපියල් ලක්ෂ 35 ක් නම් ඉතිරි මුදල් වලට සිදු වූයේ කුමක්දැයි 2022 වර්ෂයේ හිටපු නිලධාරින්ගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ලැබුණු පිළිතුරුත් සමග මෙම මුදල් වංචාව හිටපු නිලධාරින් සිදු කර ඇති බවට ඔවුන් චෝදනා කළේය.
එමෙන්ම මෙම මුල්‍යමය වංචාව සිදු කර ඇති නලධාරින් හට නීතියෙන් දඩුවම් ලබා දීමට කටයුතු කරන ලෙසද අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ගම්වාසීහු කියති.
සිඩ්නි රුවන්