බිබිල පොලිස් වසමට අයත් බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 පමණ වයසැති පිරිමි ළමයෙකුට ඉකුත් දහතුන්වෙනිදා සවස ජංගම දුරකථනයක් මඟින් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ලිංගික අතවරකළ 46 හැවිරිදි විවාහකයෙකු ඉකුත් (14) වෙනිදා බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
අතවරයට පත්වූ ළමයා මිතුරන් තිදෙනෙකු සමඟ ගමේ ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටියදී පැමිණ ඇති සැකකරු ඔහුගේ පාළුවට ගිය කඩ කාමරයකට කැඳවාගෙන ගොස් ජංගම දුරකථනයක් මඟින් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා තිබේ.
අනතුරුව සැකකරු විසින් දරුවාට ලිංගික අතවර සිදුකර ඇත.
සැකකරු බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා තිබේ.
අතවරයට ලක්වූ දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇත.
බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ සෙනරත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක